මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Saturday, July 9, 2011

උදා කරගමු ඒ සෑබෑ නිදහස....

යුද්ධය නිම වී දින කීපයක් ගිය තැන, එනම් 2009 මැයි 22 වන දින මා විසින් රචනා කරන ලද්දකි...  

රියට ගොඩ වුනෙමි මම...
නිවාස වෙත යන්න....
ලෙල දෙයි සිංහ ධජ....
අභිමනින් දසත අද...
සැමදා හැමූ සුළග තුල අද..
නිදහසේ හැගුම් වෙලී ඇත...
සියල්ල පිබිදී ඇත...
සියල්ල නැවුම් වී ඇත...

කෙමෙන් කෙමෙන් දුර ගෙවා..
පාර්ලිමන්තු ක්‍රීඩා පිටිය දිස් විය...
අයෙක් ජය පැන් බොති...
අයෙක් කා බී නටති...
යන් පුළුස්සති.. සිංහ නද පතුරවති...
රාත්‍රී වී ඇතත් තවම කිරි බත් පිසති....
සියල්ලන් ප්‍රීතියෙන් මව්බිමට ජය පතති...

සොයුරනි.. සොහොයුරියනි...
කොහෙන් පැමිණියද මේ හැගුම්...
මව්බිමට ඔබේ හද ජනිත වූ ආදරය...
සිතන්න....
එදා සුළගමය මෙය...
එදා ධජ පතාකම නොවේද මෙය?
කුමක්ද වෙනස?
වෙනස් වී ඇත්තේ ඔබය.....

නොසිතන්න කිසි විටෙක...
සියල්ල අවසන් කියා....
මව්බිම නිදහස් වී නොමැත තව...
අරqමක් පමණි මෙය....
ඉඩ නොදෙනු මිය යන්න..
මව්බිම වෙනුවෙන් ගැහෙන ඔබ හදේ රිද්මය...

ඔය හැගුම.. ඔය ජවය...
යොදවමු දියුණ වෙත
එන්න පෙරමුණ ගන්න....
කැපවෙන්න මව්බිමට...
සෑම බිම් අගලම වවමු...
නිපැයුම් බිහි කරමු.. එක්ව දැය ගොඩ නගමු....
ශ්‍රී ලාංකීය ජාතියක් විලසින....
උදා කර දෙමු මව්බිමට අප පතන ඒ සෑබෑ නිදහස....

මේ එල ඇත්තේ ඔබේ වාරයයි... 

යුද්ධය නිම වී වසරකින් පසු ලියන ලද මෙම කවියේ දෙවැනි කොටස "කෝ අප පැතූ ඒ රට ?"

1 comment:

  1. Exactly the truth ! But so unfortunate we missed this because of the political agendas.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...