මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Wednesday, September 28, 2011

සිංහල ගීතය කොයිබටද? - 02



සිංහල ගීතයේ ගමන් මග ගැන මගේ සිතට පහලවූ කරුණු කීපයක් මීට කලකට පෙර මගේ "සිංහල ගීතය කොයිබටද?" ලිපියෙන් ගෙනහැර දැක්වුවෙමි (කියවපු නැති කෙනෙක් ඉන්නවනම් එම ලිපියට මෙතනින් පිවිසෙන්න). ගීතයක් කුමක්දැයි අර්ථකථනය කිරීමට යාම අර්ථ ශුන්‍ය දෙයක් බව මගේ හැඟීමයි. තමන් කැමති දෙයකට අර්ථකතන සැපයීමට යාම එය යකඩ මංජුසාවක දමා සිර කරනවා හා සමාන යයි වරක් කේ.ජයතිලක ශුරින් තම කෘතියක සඳහන් කළේය. අර්ථකතන ඔස්සේ යමක් විග්‍රහ කිරීමට යාම, ඒ යකඩ මංජුසාවේ ලේබලය බලා ඇතුලත ඇති දේ පිලිබඳ පැවසීමට යාම හා සමාන යයි ඔහු තව දුරටත් එහි සඳහන් කොට ඇත. එය සත්‍යක් ලෙස මා හටද හැඟේ. නමුත් විවිධ ගීත අප හදවත් විඳින ආකාරය බොහෝ සෙයින් වෙනස් වේ. යම් ගීතයක් කල් පවතින්නේ, එම ගීතයට ජනතාවගේ හදවත් තුල යම් කිසි රසයක් නැවත නැවතත් උත්පාදනය කිරීමට හැකිනම් පමණි. මෙම ලිපිය තුළ මාගේ වෑයම වන්නේ, එලෙස නැවත නැවතත් රස ජනණය කල හැකි ගීත මෑත ඉතිහාසයේ බිහි නොවීමට හේතුවූ කාරණාව කුමක්දැයි විමසා බැලීමය.

Monday, September 19, 2011

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී

 

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" මෙහෙම කිව්වේ මම එහෙම නෙමේ, කුමාරතුංග මුනිදාස නම් මහා ගත්කරුවා.

මට මේක මගේ ඔලුවට ආවේ ලඟදි දැක්ක කාරණයක් සහ ඒ පිලිබඳ ඇති වෙච්ච දෙබසක් මතක් වෙච්ච නිසා. කාරණේ නම්, ලංකාවේ සිසුවෙක් ලක්ෂ 30 ක් පමණ වැය කරලා හුළං බලෙන් විදුලිය නිපදවල ධාවනේ කරන්න හදපු හයිබ්‍රිඩ් මෝටර් රථය ගැන පළවුන ප්‍රවුර්තිය. "ඕකත් වතුරෙන් හදපු එක වගේ තමයි" එහෙම කිව්වේ ඕක ගැන කතා කරන වෙලාවක මගේ මිතුරන් කීප දෙනෙක්. "මිරකල්" නමැති ඉන්දනයක් ගැනත් පහු ගිය දවසේ ප්‍රවුර්තියක් පළවුනා. මම ඒක මුලින්ම කියෙව්වේ නිවුස් වෙබ් සයිට් එකකින්. "ලෝකේ ලොකුම විහිලුව" මේක ඒ වෙබ් සයිට් එකේ තිබ්බ කොමෙන්ට් වල වැඩියෙන්ම තිබ්බ වචන ටික.  මේක තමයි ලංකාවේ සමාජයේ යථාර්තය. ලංකාව වැනි රටක බිහි වන නව නිපැයුම් සියල්ලටම මුහුණ පාන්න සිදුවෙන කටුක යථාර්තය.

Related Posts Plugin for WordPress, Blogger...