මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Friday, March 23, 2012

තිරිසනුන් කෙළසූ ඇය ..


වසර ගණනක් .. ඔබේ සෙවනෙහි ..  ඔබේ සිසිලස් .. පහස වින්දා ..
සොඳුරු දසුනක් .. දෙනෙත් අභියස .. ජනිත කොට මගේ .. වෙහෙස බින්ඳා ..
හදෙහි සැඟවුන..  නිහඬ සෙනෙහස.. සිටින විට .. ඔබ කෙරෙහි බන්ඳා ..
තිරිසනුන් විත්..  නුඹව කෙළෙසා.. යලිත් නොම එන .. ලොවක රන්ඳා ..


මෙතෙක් වැජඹුණු ලුණුමිදෙල්ල රුක්‍ෂය .. නුඹට නිවන් සුව !  
තිරිසනුන් නැති ලොවක යලිත් ඉපදේවා !

වසර කීපයක් තිස්සේ මගේ ඉස්සරහ වත්තේ තිබුන ලුණුමිදෙල්ල ගහ අද උදේ බලන කොට තිබුනේ නෑ..  කපල දාල තිබ්බ අතු ටික තිබ්බ බිම .. මිට කලිනුත් මේ ගහ කපන්න ලි වෙළෙන්දෙක් ඇවිත් මගෙන් සහය ඉල්ලුව, එම ඉඩමේ අයිතිකර මහත්තය සම්බන්ධ කර ගන්න... එත් මම ඒ ගහට තිබ්බ ආදරේ නිසා ඒ කාරණේ මතු වෙන්න ඉඩ දුන්නේ නෑ.. රෑ කාලෙට ලුණු මිදෙල්ල ගහ පුරාවට කනමදිරියන් පිරිලා ඉන්නේ හරියට ඒ ගහ විදුලි බුබුළු වලින් ආවරණය කරලා වගේ.. කොළ හැලෙන කාලෙට මේ මහා ගස මතු කලේ අමුතුම චමත්කාර ජනක දර්ශනයක්..  නැවත මල් පිපෙන කාලෙට මුළු ගහම සුදු පාටින් පිරෙන්නේ වෙනස්ම දර්ශනයක් මතු කරමින්.. ඉන්පස්සේ එන්නේ ලුණුමිදෙල්ල ගෙඩි කන්න විවිධ සත්තු ගහ පුරා දුවන පනින කාලේ... නිහඬව කාටත් නොපෙනෙන්න විශාල සේවයක් කරපු ඒ මහා වෘක්ෂය, මම ආදරේ කරපු ඒ මහා ගස, දන්නෙම නැතුව අවසන් ගමන් ගිහින්.. තිරිසන් මිනිසුන් රැළක් ඇවිත් කපාගෙන ගිහින්.. තව ටික දවසකින් කොහේ හරි නිවසක ලි බඩුවක් බවට පත් වෙයි.. මෙච්චර කල් මට සෙවන දීපු, මගේ නෙත් සනසපු, මේ මහා ගසෙහි කපා බිම දාල තියෙන සුදු පාට මලින් පිරිච්ච අතු ටික දැකපු මගේ හිතට නැගුන හැගීම වචන වලට පෙරළන්න හිතුන .. හැම මිනිහම ගහට කොළට ආදරේ කරනවානං, ඒවායේ සුන්දරත්වය විදිනවනම්.. ඒවායේ වටිනා කම තෙරුන් ගන්නවානම් කොච්චර හොඳද කියල මගේ හිතට හිතුනේ ඒ වෙලාවේ...

(හිච්චි කොලුවා facebook පිටුවේ පළවන යම් යම් දෑ.. එකම නිර්මාණ කරුවාගේ වන බැවින් මෙහිද පළවීමට ඉඩ ඇත..)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...