මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ
අගෝස්තු .. අගෝස්තු ...
ඉස්කෝලේ නිවාඩු... හුරේ..
කිතුල් පිති ගනිල්ලා.. බට පතුරු ගනිල්ලා..
කොහොමද මොණරා? .. ඒ වගේද මේ ඉබ්බා...
දෙපොටද.. තුම්පොටද.. සේරියා ලොකු වැඩිද?..
කූරිය ගැහුවොත්.. ගහනවා නිච්චි..
කඩලා ගියොත් ඔන්න දුවන්න ඕන පස්සෙන්..
"සමරු පොතේ පිටු ගැලවී සුළගේ ලේලෙනවා.. සොදුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා.. "
ඒ එදා M.S Fernando ගායකයා විසින් ගයන කල ගීතයකි. යම් හෙයකින් මෙම ගීත මෑත කාලයේදී රචනා වුනිනම් එය මෙසේ වීමට ඉඩ තිබුණි.
"මුහුණු පොතේ status updates තියෙනවා... චැට් window එක ඇතුලේ ඔබ සිහි වෙනවා... "
අද සමරු පොත් නැත.. ඇත්තේ facebook එකේ status updates ය. පෙම් හසුන් නැත.. ඇත්තේ චැට් windows ය, නැතිනම් facebook messages ය, එසේත් නැතිනම් කෙටි පණිවිඩය. ගෙදරට හොරෙන් ලියුමක් ලියා, ඉතා අසීරුවෙන් පොතක් අස්සේ දමා පෙම්වතාට හෝ පෙම්වතියට ලැබෙන්න සලස්වා.. ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතිය එය ඉතා අපහසුවෙන් ගෙදරට හොරෙන් කියවා.. සගවා තබා ගන්නා "අතල්" එක දැන් තරුණ තරුණියන් දන්නේ නැති තරම් ය. ඒ වෙනුවට ඇත්තේ inbox එක පිරෙන විට මකා දමන SMS හෝ Messages පමණි. ඒ තරමට තාක්‍ෂණය අද තරුණ සමාජය වෙලා ගෙන ඇත. තාක්‍ෂණය සමාජ ගත වීමේ වරදක් නැත. නමුත් සෑම තැනකදීම පාහේ, මෙහිදීද අප සමාජය උකහා ගනිමින් තිබෙන්නේ එහි ඇති නරක පැත්ත පමණි.
මම: දැන් කතා කරන්න කැමති නෑ කිව්වනේ... එක නිසා මන් ඕකට උත්තර දෙන්නේ නෑ..
තව දුරටත් කතා කිරීම වාදයකට මුල වන බැවින්, මම නිශ්ශබ්ද වුනෙමි.
Wednesday, August 24, 2011
අගෝස්තු ආවා
අගෝස්තු .. අගෝස්තු ...
ඉස්කෝලේ නිවාඩු... හුරේ..
කිතුල් පිති ගනිල්ලා.. බට පතුරු ගනිල්ලා..
කොහොමද මොණරා? .. ඒ වගේද මේ ඉබ්බා...
දෙපොටද.. තුම්පොටද.. සේරියා ලොකු වැඩිද?..
කූරිය ගැහුවොත්.. ගහනවා නිච්චි..
කඩලා ගියොත් ඔන්න දුවන්න ඕන පස්සෙන්..
Monday, August 15, 2011
අනේ අපේ අලි !
මේක කිව්වා ගමන් කට්ටිය හිතයි ද දන්නේ නෑ, මම මේ දවස ගානේ අඩු වෙන UNP එකේ චන්ද ගාන ගැන එහෙම කතා කරන්න හදනවා කියල. නෑ මම කතා කරන්න හිතුවේ කකුල් හතරේ අලි ගැන. කොටින්ම කිව්වොත්, ශරීරය විශාල වූ කරුමයට දුක් විදින අපේ අලි ටික ගැන. මේ ගැන කතා කරන්න මට හිතෙන්න ආසන්නම හේතුව තමයි පහු ගිය දවස් වල අලි ගැන අහන්න දකින්න ලැබුන ශෝකනීය කතන්දර. නවම් රාජා අවසන් ගමන් ගියා, මිල්ලන් ගොඩ ඇතත් අවසන් ගමන් ගියා, තුන්පත් රෑනක් ම මෑතකදී කෝච්චියට බිලි උනා, තවත් අලි ඝාතන සහ හදිසි අනතුරු ගැන අසන්නට ලැබුනා, රාජපාක්ෂික වීමේ වරදට පින්නවල ලසදගේ පැටියත් අවසන් හුස්ම හෙළුව කියල මාධ්‍ය වලින් කන වැටුන.. හ්ම්ම් ... කියල සුසුමලනවද, නැත්නං මොන හරි ලියනවද කියල හිතුනේ ඔන්න ඔය වෙලාවේ..
Tuesday, August 9, 2011
අළු යට ගිනි පුපුරු 1
"සමරු පොතේ පිටු ගැලවී සුළගේ ලේලෙනවා.. සොදුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා.. "
ඒ එදා M.S Fernando ගායකයා විසින් ගයන කල ගීතයකි. යම් හෙයකින් මෙම ගීත මෑත කාලයේදී රචනා වුනිනම් එය මෙසේ වීමට ඉඩ තිබුණි.
"මුහුණු පොතේ status updates තියෙනවා... චැට් window එක ඇතුලේ ඔබ සිහි වෙනවා... "
අද සමරු පොත් නැත.. ඇත්තේ facebook එකේ status updates ය. පෙම් හසුන් නැත.. ඇත්තේ චැට් windows ය, නැතිනම් facebook messages ය, එසේත් නැතිනම් කෙටි පණිවිඩය. ගෙදරට හොරෙන් ලියුමක් ලියා, ඉතා අසීරුවෙන් පොතක් අස්සේ දමා පෙම්වතාට හෝ පෙම්වතියට ලැබෙන්න සලස්වා.. ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතිය එය ඉතා අපහසුවෙන් ගෙදරට හොරෙන් කියවා.. සගවා තබා ගන්නා "අතල්" එක දැන් තරුණ තරුණියන් දන්නේ නැති තරම් ය. ඒ වෙනුවට ඇත්තේ inbox එක පිරෙන විට මකා දමන SMS හෝ Messages පමණි. ඒ තරමට තාක්‍ෂණය අද තරුණ සමාජය වෙලා ගෙන ඇත. තාක්‍ෂණය සමාජ ගත වීමේ වරදක් නැත. නමුත් සෑම තැනකදීම පාහේ, මෙහිදීද අප සමාජය උකහා ගනිමින් තිබෙන්නේ එහි ඇති නරක පැත්ත පමණි.
Monday, August 8, 2011
සිංහල ගීතය කොයිබටද 1
මෙම ලිපිය අවකාශය බ්ලොග් අඩවියේ 12/07/2011 දින මා විසින් පල කල ලිපියකි.
මේ ලිපිය ලියන්න ආසන්නම හේතුව බවට පත් වූයේ මෑතකදී රූපවාහිනී නාලිකාවක දුටු එක්තරා වැඩසටහනකි. එම වැඩ සටහනේ මූලාසනය හෙබවූයේ ආචාර්ය පණ්ඩිත W D අමරදේව මහතා විසිනි. ඊට අමතරව නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහ වැනි කලා කරුවන්ගේද සහබගීත්වය මෙමෙ වැඩ සටහනට ලැබී තිබුණි. එම වැඩසටහන තුලදී, W D අමරදේව මහතාගේ ගීත සාහිත්‍ය පිළිබද සාකච්චා විය. එම වැඩසටහන අතරතුර ප්රේමසිරි කේමදාස ශූරීන්ගේ රූප රාමු පෙළක් විකාශනය වීම තුල මාතුළ බොහෝ කලක් තිස්සේ පවතින යම් අදහසක් නැවතත් අලුත් වන්නට විය. එනම්, අප මේ දකින කලාකරු පරපුර අප අතරින් වියෝ වූ දිනට සිංහල ගීතය කුමන දිශානතියක් ගනු ඇත්ද යන්නය. ප්රේමසිරි කේමදාස, ගුණදස කපුගේ, ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි වැනි කලා කරුවන් අප අතරින් සමුගෙන අවසන්ය. ඉතිරිව ඇති අතලොස්සද ජීවතුන් අතර සිටියත් ඔවුන්ගෙන් නව නිර්මාණ බිහි වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. මේ ඇතිවෙමින් තිබෙන හිඩැස පිරවීමට සමත් තරුණ පරපුරක් අද බිහිවෙමින් සිටීද? මෙය මා හට ඇති දැවැන්ත ගැටලුවකි.
අනේ මට politics පේන්න බෑ මෙයා !
මෙම ලිපිය අවකාශය බ්ලොග් අඩවියේ 30/07/2011 දින මා විසින් පල කල ලිපියකි.
http://www.fmderana.lk/blog/?p=16600
http://www.fmderana.lk/blog/?p=16600
මැතකදී මිතුරෙක් සමග ඇති වූ දෙබසක් පහත පරිදි වේ. (පක්ෂග්‍රහී නොවීමට එවැනි ස්ථාන වලට හිස් තැන් තබා ඇත)
මම: අන්න ඔයාල උදේ පාන්දරින් ගිහින් චන්දෙ දීල පත් කරගත්තු අහවලා, ............. අහවල් වැඩක් කරන්න යනවා...
මිතුරා: අනේ මේ මම කියල තියෙනවා මාත් එක්ක politics කතා කරන්න එපා කියල. මන් කැමති නෑ ඔය topic එක කතා කරන්න.. ඕවට වඩා මට ප්‍රශ්න තියෙනවා හිතන්න. අනික ඔයාලට තිබ්බනේ ඔයාලගේ ................... දෙන අහවලව පත් කර ගන්න..
මිතුරා: අනේ මේ මම කියල තියෙනවා මාත් එක්ක politics කතා කරන්න එපා කියල. මන් කැමති නෑ ඔය topic එක කතා කරන්න.. ඕවට වඩා මට ප්‍රශ්න තියෙනවා හිතන්න. අනික ඔයාලට තිබ්බනේ ඔයාලගේ ................... දෙන අහවලව පත් කර ගන්න..
මම: දැන් කතා කරන්න කැමති නෑ කිව්වනේ... එක නිසා මන් ඕකට උත්තර දෙන්නේ නෑ..
තව දුරටත් කතා කිරීම වාදයකට මුල වන බැවින්, මම නිශ්ශබ්ද වුනෙමි.
Subscribe to:
Comments (Atom)