අගෝස්තු .. අගෝස්තු ...
ඉස්කෝලේ නිවාඩු... හුරේ..
කිතුල් පිති ගනිල්ලා.. බට පතුරු ගනිල්ලා..
කොහොමද මොණරා? .. ඒ වගේද මේ ඉබ්බා...
දෙපොටද.. තුම්පොටද.. සේරියා ලොකු වැඩිද?..
කූරිය ගැහුවොත්.. ගහනවා නිච්චි..
කඩලා ගියොත් ඔන්න දුවන්න ඕන පස්සෙන්..
ගහමුද ක්‍රිකට්.. මොනවද ඔට්ටු? බෝල ටින් එකක් ඔට්ට්ටුයි...
උදේට ටෙස්ට් මැච්.. හවසට ඕවර් දහයයි...
අද ක්‍රිකට් බෑ.. එහෙනං මොනවද? ..
ගුඩු විදිමු? සම්බෝල? ටින් කඩමු?
බයිසිකල් පදිමුද ගෙදරට හොරෙන්?
නැත්තං.. යුද්ධ කරමුද දන් කැලේ?
දැන් රෑ වෙලා.. ඉක්මනට ගෙදර යං...
"හනේ හනේ.. වෙලාව රෑ 8 යි.. ගෙදර එන වෙලාවද මේ ළමයි?"
ඒ එදා..........................
මේ මෙදා.....................
අගෝස්තු .. අගෝස්තු ...
ඉස්කෝලේ නිවාඩු... හ්ම්ම්...
"යන්තන් මාසයක් traffic නැතුව office යන්න පුළුවන්"
හ්ම්ම්.......................................................................
Related Posts: කවි කොළය | Poems,
නිල් අහස | Home
Today, we all have become machines.. !
ReplyDelete