මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Saturday, March 24, 2012

පරණ කතාවක වෙනත් පැත්තක්


 මම බුද්ධාගම විතරයි තියෙන්න ඕනේ අනිත් ආගම වල අයට ගල් ගහන්න ඕනේ කියන ජාතියේ කෙනෙක් නෙමේ කියල පවසලම වැඩේ පටන් ගන්නම් .. මම උත්සාහ කරන්නේ, මෙම කාරණේ සම්බන්දෙන් බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන පෙන්නලා දෙන්න.. බොහෝ විට මෙවන් දෙයක් දුටුවිට මේ කාලකන්නින්ට හෙන ගහපන් කියන එක තමයි බොහෝ දෙනා කරන්නේ..   මම ටික කාලෙකට කලින් ඕස්ට්‍රේලියාව පැත්තේ පොඩි වැඩකට ගිය වෙලාවක තමයි මේ පින්තුරේ ගත්තේ.. 

Friday, March 23, 2012

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා



වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි. තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත් වෙත්ම චෙකොස්ලෝවැකියානු, රුසියානු ක්‍රීඩකයන් පෙරමුණ ගත අතර තරඟ කරුවන් හට වට 25 ක දුරක් නිම කල යුතුව තිබිණි. අංක 67 යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්. කරුණානන්දද මෙම ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදුනි. ටෝකියෝ ඔලිම්පික් සංවිදානයේ දුර්වල කමක් හේතුවෙන් එදිනට පෙර දින මීටර 5000 ඉසව්වට සහභාගී වී සිටි කරුණානන්ද, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දුබල වී සිටියේය.නමුත් තම අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිව කරුණානන්ද තරඟයේ යෙදුනද තරඟය ආරම්භවී වට කිහිපයක් යනවිට තරඟයේ පෙරමුණ ගත් ක්‍රීඩකයෝ ඔහුට වඩා වටයක් ඉදිරියෙන් සිටියෝය. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජයග්‍රාහී ක්‍රීඩකයා වූ ඇමරිකාවේ බිලි මිල්ස් විනාඩි 28 යි තප්පර 24 කින් තරඟය නිමා කරන විට, කරුණානන්ද ඔහුට වඩා වට හතරක් පිටුපසින් සිටියේය. පළමු දෙවන තෙවන ක්‍රීඩකයින් තරඟය නිමාකරත්ම, පසු පසින් සිටි බොහෝ ක්‍රීඩකයින් තරඟය අතහැර දමා තරඟයෙන් ඉවත් විණි. නමුත් ශ්‍රී ලංකාවේ කරුණානන්ද තනිවම ක්‍රීඩා පිටියේ තරඟ කරමින් සිටියේය. මෙය දුටු ජපන් ක්‍රීඩා ලෝලීන් කරුණානන්දට උසුළු විසුළු කිරීමට පටන් ගන්නා ලදී. නමුත් නොසැලෙන ශක්තියෙන් ක්‍රීඩා කල කරුණානන්ද අවසන් වටය වෙත පැමිණෙද්දී සියලුම ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ප්‍රීතිඝෝෂා කිරීම ආරම්භ කළේ ඔහුගේ ආත්මශක්තිය හමුවේ ඔවුන් අසරණ වූ නිසාවෙනි.

තිරිසනුන් කෙළසූ ඇය ..


වසර ගණනක් .. ඔබේ සෙවනෙහි ..  ඔබේ සිසිලස් .. පහස වින්දා ..
සොඳුරු දසුනක් .. දෙනෙත් අභියස .. ජනිත කොට මගේ .. වෙහෙස බින්ඳා ..
හදෙහි සැඟවුන..  නිහඬ සෙනෙහස.. සිටින විට .. ඔබ කෙරෙහි බන්ඳා ..
තිරිසනුන් විත්..  නුඹව කෙළෙසා.. යලිත් නොම එන .. ලොවක රන්ඳා ..

තේ කෝප්පය



සෙන් කතාවක් ඇසුරෙනි ...

එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් දිනක් සෙන් ආචාර්ය වරයෙකු ලඟට පැමිණ, ඔහුට සෙන් යනු කුමක්දැයි පහදා දෙන ලෙස ඉල්ලා සිටියා ..

සියල්ලට ප්‍රථමයෙන් ඔහු, මහාචාර්යවරයා වෙත තේ කෝප්පයක් පිළිගන්වනු ලැබුවා .. ඔහු තේ කෝප්පය සම්පුර්ණයෙන්ම පිරෙන තෙක් තේ වත්කොට, පිරි ඉතිරි යන තෙක් වත්කිරීමේ යෙදුනා.. මෙය දුටු මහාචාර්යවරයා මඳ වෙලාවක් මෙය දෙස බලා සිට, තව දුරටත් නොඉවසිලිවන්තව මෙසේ පැවසුවා..

 "කෝප්පය දැනටමත් පිරිලා තියෙන්නේ.. තවදුරටත් දැමීමෙන් පලක් නැහැ... මොකද සියල්ල යන්නේ ඉවතට"

Related Posts Plugin for WordPress, Blogger...