මම බුද්ධාගම විතරයි තියෙන්න ඕනේ අනිත් ආගම වල අයට ගල් ගහන්න ඕනේ කියන ජාතියේ කෙනෙක් නෙමේ කියල පවසලම වැඩේ පටන් ගන්නම් .. මම උත්සාහ කරන්නේ, මෙම කාරණේ සම්බන්දෙන් බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන පෙන්නලා දෙන්න.. බොහෝ විට මෙවන් දෙයක් දුටුවිට මේ කාලකන්නින්ට හෙන ගහපන් කියන එක තමයි බොහෝ දෙනා කරන්නේ.. මම ටික කාලෙකට කලින් ඕස්ට්‍රේලියාව පැත්තේ පොඩි වැඩකට ගිය වෙලාවක තමයි මේ පින්තුරේ ගත්තේ..
මේ සිඩ්නි පැත්තේ තියෙන ෂොපින් මෝල් එකක බුද්ධ ප්‍රතිමා විකුණන්න තිබුණු ආකාරය. එත් එක්කම මම දැක්ක කාරණේ තමයි, බොහෝ දෙනා බුද්ධ ප්‍රතිමා වලට අපහාස වන ආකාරයට හැසිරෙන එක.. නමුත් මම පිළිගන්න අකමැති වුන කාරණේ තමයි, ඒ සියලු දෙනාම බුදු දහමට අපහාස කරන්න සිතාගෙන මේ ආකාරයට හැසිරෙනවා කියන එක .. අර මම මුලින්ම කිව්ව ජාතියේ කෙනෙක් මේ සිද්ධිය දිහා බැලුවනම් හිතන්නේ එහෙම තමයි. නමුත් මේ කාරණේ ගැන විපරම් කරද්දී හිච්චි කොලුවට වැටහුන දේ තමයි, බොහෝ දෙනා එසේ සිදු කරන්නේ මේ ප්‍රතිමා ආගමික ශාස්තෘවරයෙක්ගේ බව නොදැන. බොහෝ දෙනා බුද්ධාගම පිළිබඳවත්, බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් දැනීමක් නෑ. ඔවුනට මෙය තවත් එක විසිතුරු භාණ්ඩයක් පමණයි.. නමුත් කාරණේ වටහා දීමෙන් පසු ඔවුන් තමන් කල දේ පිළිබඳව ලජ්ජා වීමට පවා උත්සකුවූ හැටි මට මතකයි. බුද්ධාගමට මෙන්ම ලෝකයේ බොහෝ ආගම වලට අපහාස කිරීම සඳහා සංවිධානාත්මක පිරිස් ක්‍රියාත්මක වෙන බව නොරහසක්. බුද්ධාගම පිලිබඳ ලෝකයේ ජනතාව හැකි පමණ දැනුවත් කිරීම මගින් මෙවන් පිරිස් වුවත් පරාජය කරන්න පුළුවන් කියන එකයි මගේනම් මතය. මෙවන් සිද්දියක් දුටු විට ඔවුනට පහරදීමට උත්සුක වනවට වඩා, නොදැනුවත්ව මෙසේ සිදුකරන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට වැඩ පිළිවලක් ආරම්භ කිරීම වැදගත් කියල තමයි මට හිතෙන්නේ..

(හිච්චි කොලුවා facebook පිටුවේ පළවන යම් යම් දෑ.. එකම නිර්මාණ කරුවාගේ වන බැවින් මෙහිද පළවීමට ඉඩ ඇත..)

No comments:
Post a Comment