මෙම ලිපිය අවකාශය බ්ලොග් අඩවියේ 12/07/2011 දින මා විසින් පල කල ලිපියකි.
මේ ලිපිය ලියන්න ආසන්නම හේතුව බවට පත් වූයේ මෑතකදී රූපවාහිනී නාලිකාවක දුටු එක්තරා වැඩසටහනකි. එම වැඩ සටහනේ මූලාසනය හෙබවූයේ ආචාර්ය පණ්ඩිත W D අමරදේව මහතා විසිනි. ඊට අමතරව නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහ වැනි කලා කරුවන්ගේද සහබගීත්වය මෙමෙ වැඩ සටහනට ලැබී තිබුණි. එම වැඩසටහන තුලදී, W D අමරදේව මහතාගේ ගීත සාහිත්‍ය පිළිබද සාකච්චා විය. එම වැඩසටහන අතරතුර ප්රේමසිරි කේමදාස ශූරීන්ගේ රූප රාමු පෙළක් විකාශනය වීම තුල මාතුළ බොහෝ කලක් තිස්සේ පවතින යම් අදහසක් නැවතත් අලුත් වන්නට විය. එනම්, අප මේ දකින කලාකරු පරපුර අප අතරින් වියෝ වූ දිනට සිංහල ගීතය කුමන දිශානතියක් ගනු ඇත්ද යන්නය. ප්රේමසිරි කේමදාස, ගුණදස කපුගේ, ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි වැනි කලා කරුවන් අප අතරින් සමුගෙන අවසන්ය. ඉතිරිව ඇති අතලොස්සද ජීවතුන් අතර සිටියත් ඔවුන්ගෙන් නව නිර්මාණ බිහි වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. මේ ඇතිවෙමින් තිබෙන හිඩැස පිරවීමට සමත් තරුණ පරපුරක් අද බිහිවෙමින් සිටීද? මෙය මා හට ඇති දැවැන්ත ගැටලුවකි.
කුමන ගුවන්විදුලි නාලිකාවකට සවන් දුන්නද, කුමන රූපවාහිනී නාලිකාවකට සවන් දුන්නද, විකාශන කාලයෙන් 80%-90% කම අප හට ඇසෙන්නේ අලුත් පරපුරේ තරුණ තරුණියන්ගේ ගීතයන්ය. එම ගීත රැප්, හිපොප්, රොක් වැනි විවිද ශෛලීන්ට අනුගත වූ ගීත වන අතර, සිංහල සරල ගීතද ඒ අතර වෙති. කුමන ශෛය්ලියකට අයත් වූවත්, මෙවැනි ගීතයක් අසා හෝරාවකට පසු එය අපගේ මතකයේ රැදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තවද ගීතයක් අසා අවසානයේ එයින් කියා වූනේ කුමක්ද යන්න තේරුම් ගැනීමට තව කීප වරක් සවන් දිය යුතුව ඇත. එයට හේතුව කුමක්ද කියා පැවැසීමට මාගේ දැනුම ප්රමාණවත් නොවේ යැය් මට සිතේ. නමුත් මා දන්නා ආකාරයට සැබැ ගීතයක් යනු පද මාලාව, එයට අනුරූපී වූ සංගීතය සහ ගායනය යන තුන් කට්ටුව එකට එක්වූ නිර්මාණයකි. වරක් කේමදාස ශූරීන් මේ කරුණ ඔහු විසින් සංගීතවත් කල අම්මාවරුනේ ගීතය උදාහරණයට ගෙන පැහැදිලි කල ආකාරය මගේ සිතට නැගේ. ඔහු එය පැහැදිලි කල ආකාරය මෙහෙදී මා හට පෙන්විය නොහැකි වුවත් (මෙය ලිකිත මදයක් බැවින්) මා දන්නා එක්තරා උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි (මෙය හරහා කිසියම් ගීතයක් අවතක්සේරුවට ලක් නොකරන අතර වෙනස පෙන්වීමට උත්සහ ගැනීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න) .
මව් ගුණ ගීත සාහිත්යයේ, ඉහලින්ම තැබිය හැකි ගීතයක් වනුයේ වික්ටර් රත්නායකයන්ගේ "ආදරයේ උල්පත වූ අම්මා" නමැති ගීතයයි. එම ගීතය අසන ඔනීම මොහොතක ඔබට ඔබේ මව සිහියට නොනැගෙන්නේ නම් එය අරුමයක් බව ඔබද සාක්ෂි දරනු ඇත. ඒ එම ගීතයේ අඩංගු පද මාලාව, නැලවිලි ගී තනුවෙන් මැවුණු සංගීතය, හදවතට සමීප ඒ ගායනය යන සියල්ල එක්ව සැබවින්ම අප තුල අපගේ මවට ඇති අසීමිත ආදරය යලි යලිත් උදීපනය කරන නිසා බව මගේ විස්වාසයි. ඔබ ගුවන්විදුලියට සවන් දෙන්නෙක් නම්, මේ දිනවල නව පරපුරේ ගායකයකු විසින් ගයන මව් ගුණ ගීයක් ඔබ අසා ඇති බවට නොඅනුමානය. එය නම් "ගායෙන් මන් මුදවලා සීලෙන් අග තැන කලා" නමැති ගීතයයි. පිටතින් බැලූ කළ ගීත දෙකෙහිම අර්ථය සමාන බවක් ඇතත්, එම ගීතය අපේ සවනට වැටෙන විට ඉහත ගීතයේ මෙන් අපගේ මව සිහි වීමට තිබෙන ඉඩකඩක් නැති තරම්ය. ඔබ අවංකව ඔබේ හදවතට සවන් දුන් විට එය ඔබටද පසක් වනු නොඅනුමානය. එහෙයින් "ආදරයේ උල්පත වූ අම්මා" නමැති ගීතය උසස් කෘත්යක් ලෙස හැදින්වීමේ වරදක් නොමැත. මෙය මෙසේ සිදු වීමට කුමන හෝ ස්ථානයක කිසියම් "අවුලක්" ඇති බව අප වටහා ගත යුතුය. මෙම අවුල ඉතාමත්ම ඉක්මනින් ලිහා ගත යුතු එකක් බව මගේ විස්වාසයි. මෙම අවුලට මෙයයැයි කීමට එක හේතුවක් නොමැති වුවත්, අවරුදු 30 ක් තුල එකතු කළ මාගේ සීමිත දැනුමට දැනෙන හේතු කරනා කීපයක් මාගේ ඊලග ලිපියෙහි සාකච්චා කිරීමට කැමැත්තෙමි. එය අත්‍යවශ්‍ය කාරණයක් සේ මා හට හැගෙන්නේ, අද අප දකින අපගේ ඊලග පරම්පරාව දිනෙන් දින සැබෑ රසවින්දනයෙන් ඈත් වෙමින් පවතින නිසාවෙනි.

"හිමගිර මට වෑලි අහුරකි,
ReplyDeleteමහ සමුදුර දිය රල්ලකි,
කටු අකුලින් මල් පූදමි,
ඔබ සැනසේනම්"
ආදරයේ ඇති උද්වේගය, ඒ අද්විතීය හැගීම උද්දීපනය කරන මෙවැනි පද මාලා අද නිර්මාණවල නැත. සමස්තයක් ලෙස ගත් කල අද කලාකරුවා තුල කලාවක් දක්නට නොමැත.