මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Monday, July 11, 2011

කෝ අප පැතූ ඒ රට ?

යුද්ධය නිම වසරක් ගිය තැන, එනම් 2010 මැයි 4 වන දින මා විසින් රචනා කරන ලද්දකි...  මෙම කවිය කියවීමට පෙර.. මා විසින් රචනා කරනලද "උදා කරගමු ඒ සෑබෑ නිදහස..." නමැති කවිය කියවන්න... 

මිනිසුනේ නැගිටපල්ලා...
යුධ ගිනි නිවී වසරක් ගිහිල්ලා....
මතකද නුලට.. කිරි බත් කා.. වීදි පුරා..
දුව පැන නැටු සැටි....
ගලවපල්ලා ඔය පාට කණ්නාඩි...
හිතපල්ලා... බිහි වීද නුලා පැතූ ඒ රට?
ලැජ්ජා විය යුතු නොවේද අපි අප ගැනම?
හිතපල්ලා තව තවත්....
රණ බිම උන් දිවි දුන්නේ මෙයටද?
ආපසු හැරී බලපල්ලා...
දැනෙනවද නුලට වැරදුන බව

1 comment:

  1. We all have made a mistake.. as always our country has missed the chance once again.. so sad !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...