මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Tuesday, January 17, 2012

ජිවිතයේ ට්‍රැෆික් එක



පෙලින් පෙළ .. එක පෙළට ..
ඇදෙයි රථ ඉදිරියට ..

එකෙක් තවකෙක් පසුපස..
තවකෙක් දමයි අස්සෙන් ..
දකින සුළු ඉඩකඩෙන්  ..
නලා හඬවයි.. විටක ගොරවයි ..
ඇසෙයි හඬ කුණුහරප ..


නොදෙමි මා පසු කරන්න..
අහුරයි ඉදිරියට යන ගමන් මග..
විසල් රථ අභිමනින් ...
සියල්ලන් පරයමින් ඇමති රථ ඉදිරියට ...

එකෙක් දහඩිය පිසියි..
අනෙකා සීතලෙන් සුව පහසුව..
ඇතැමුන් පෙම්බස්.. සමහරු වහසි බස්..
සැම හිසේ පටලැවිලි ...

ලැබුන සුළු අවසරය..
පාගයි ලෑල්ලට ... 
නතර වුනි සියල්ලෝ ..
නැවතත් එකම තැන...

එක මගක .. එක දෙසට ..
කුමන වේගෙන් ගියත් ..
ගමනාන්තය එකය ..

අතරමැද කිමද මෙතරම් තරඟයක් ?

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...